ආචාර්ය ඒ.ටී.ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි...

සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ.ටී.ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 16-04-2024 | 7:12 PM

COLOMBO (News 1st) - සර්වෝදය නිර්මාතෘ ආචාර්ය  ඒ.ටී.ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට, ආරියරත්නයන්ගේ වයස අවුරුදු 92 ක්.

1931 නොවැම්බර් 5 වනදා ගාල්ල, උණවටුනේ උපන් ඒ.ටී ආරියරත්න මහතා ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවේ ය.

ඔහු විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්‍යාර්ථියෙකි.

1958 වසරේ ශක්තිමත් පදනමක් මත ඔහු ආරම්භ කළ 'සර්වෝදය ව්‍යාපාරය' අදටත් මහජන ප්‍රසාදය එක ලෙස දිනා සිටිනා ශක්තිමත් සංවිධානයකි.

මහජනතාවගේ හිත සුව පිණිස ආචාර්ය ආරියරත්නයන් ඉටු කළ යුග මෙහෙවර, සියල්ලන්ට මාහැගි ආදර්ශයකි.

රැමොන් මැග්සේසේ සම්මානය, බෝඩොයින් රාජ්‍ය සම්මානය, සහ මහත්මා ගාන්ධි සම්මානය එතුමන් ලැබූ ජාත්‍යන්තර සම්මානවලින් කිහිපයකි.

සංයමය සහ අරමුණ සහිත දයාබර හඬකින් මිනිසුන් ඇමතු ආරියරත්න මහතා,  2007 දී ඉහළම ජාතික සම්මානය වන ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ය.