පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි...

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම අභාවප්‍රාප්ත වෙයි...

by Staff writer 16-04-2024 | 7:18 PM

COLOMBO (News 1st) - හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

පොලිසිය පැවසුවේ මතුගම ඔහුට හිමි වත්තකදී විදුලි සැර වැදුණු ඒ මහතා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වූ  බවයි.

1960 මැයි මස 3 වැනිදා උපන් පාලිත තෙවරප්පෙරුම මහතා  2010 - 2020 කාල සීමාවේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළේ ය.

ඔහු කලක් අභ්‍යන්ත කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් වනජීවී අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර තිබේ.

මතුගම ප්‍රාදේශීය සභාවෙන් දේශපාලනයට පිවිසි,  එම මහතා අනතුරුව බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේ ය.