7 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ත්‍රිරෝද රථ අනතුර‍..

7 දෙනෙක් රෝහලට යැවූ බිහිසුණු ත්‍රිරෝද රථ අනතුර‍..

by Staff writer 16-04-2024 | 3:50 PM

COLOMBO (News 1st) - පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත්. 

පොලීසිය සඳහන් කළේ, අද (16) පෙරවරුවේ ඔවුන් ගමන් කළ ත්‍රිරෝද රථය ළිදකට වැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. 

අනතුර සිදුවන අවස්ථාවේ මව , පියා , මිත්තණිය සහ දරුවන් 04 දෙනෙකු එහි සිට ඇත.

රියැදුරුට නින්ද යාම අනතුරට හේතු වන්නට ඇතැයි, පොලිසිය සැක පල කරනවා.