ඒ, සැකකරු ඊයේ (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් ඒකකය විසිනි.
අවුරුදු සමයේ නිරන්තරයෙන් විකාශය වන 'සූර්ය මංගල්‍යය' ගීතය එලෙස විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කර ඇති බවට පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන ආරම්භ කෙරුණි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, 31 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙකි.