මෙරට නව යොවුන් වියේ දරුවන්ගෙන් 15%කට ඇදුම..

මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 15%කට ඇදුම - සෞඛ්‍ය අංශ

by Staff writer 27-04-2024 | 3:04 PM

COLOMBO (News 1st) - මෙරට දරුවන් හා නව යොවුන් වියේ දරුවන්ගෙන් 10% ත් 15% ත් අතර සංඛ්‍යාවකට ඇදුම රෝගයේ ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා ස්වසන රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා පැවසුවේ, ඇඳුම රෝගීන් බහුල වශයෙන් වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවයි.

ඇදුම රෝගය පාලනය නොවීමෙන් සංකූලතා රැසක් ඇතිවය හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.