ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් පරාද වෙයි..

ශ්‍රී ලංකාව බංග්ලාදේශයටත් පරාද වෙයි..

by Staff writer 08-06-2024 | 10:58 AM

COLOMBO (News 1st) -  2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි තරගය බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 කින් ජය ගැනිමට සමත් විය. 

අමෙරිකාවේ, ටෙක්සාස්හී, ඩලස්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළේ ලකුණු 124ක් පමණි.

ලකුණු 125ක පහසු ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 8ක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලානයේදී අඛණ්ඩව පරාජය වූ දෙවන අවස්ථාවයි.