අද යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක්..

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට අද යළිත් වැසි තත්ත්වයේ වැඩිවීමක්.. - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකි...

by Staff writer 11-06-2024 | 6:14 AM

COLOMBO (News 1st) - දැනට පවතින වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද (11) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

සෙසු පළාත්වල ඇතැම් ස්ථානවලට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මේ අතර පුත්තලමේ සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වාත් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ක් දක්වා ඉහළ යා හැකි බව ද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.