විශ්මි ICC සම්මානයකට නිර්දේශ වෙයි

විශ්මි ගුණරත්න ජුනි මාසයේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි ICC සම්මානයට නිර්දේශ වෙයි

by Staff writer 05-07-2024 | 12:14 PM

COLOMBO ( News 1st ) - ජුනි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන්(ICC) ලබා දෙන සම්මානය සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ශ්‍රී ලංකාවේ විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටී.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම සම්මානය ප්‍රදානය කරන්නේ මාසයක කාලයක් තුළ ජාත්‍යන්තර තරග බිමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවන් ඇගයීම සඳහායි.

විශ්මි ගුණරත්න ඒ සඳහා යෝජිත ක්‍රීඩිකාවන් අතරට ඇතුළත් කර ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවැති තරගාවලියේ දී ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

මෙම  සම්මානයට නිර්දේශ වී සිටින අනෙකුත් ක්‍රීඩිකාවන් වන්නේ එංගලන්තයේ මායා බුෂියර් සහ ඉන්දියාවේ ස්ම්‍රිති මන්ධනා ය.