දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 06-07-2024 | 6:53 AM

 COLOMBO (News 1st) –  බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර , නුවරඑළිය , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට තද සුළං ද ඇති විය හැකියි.

මේ අතර, රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නිකුත් කළ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

කළුතර දිස්ත්‍රික්කයේ නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණේ, ඉංගිරිය, මතුගම සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලටයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇහැළියගොඩ, ඇලපාත, කිරිඇල්ල, කුරුවිට සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කෙරිණ.