අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොරෝනා

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොරෝනා

by Staff writer 18-07-2024 | 6:09 AM

COLOMBO (News 1st) - අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න්ට කොරෝනා අසාධනය වී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ. 

බයිඩ්න්ගේ මාධ්‍ය ලේකම් ජීන් පියරේ පවසන්නේ, ජනාධිපතිවරයා ක්‍රමවත්ව ප්‍රතිදේහ එන්නත් ලබාගෙන සිටි බවයි. 

81 හැවිරිදි බයිඩ්න් ඊයේ (17) ලාස් වේගාස්හි මැතිවරණ රැස්වීමකට ද සහභාගී වී තිබේ. 

ධවල මන්දිරය වැඩිදුරත් නිවේදනය කරන්නේ, ජනාධිපතිවරයා නිරෝධායනය වීම සඳහා ඩෙල්වෙයාර්හි පිහිටි තම පෞද්ගලික නිවසක් වෙත පිටත්ව ගිය බවය. 

නමුත් එම කාලසීමාව තුළ තමන්ගේ සියලු රාජකාරීන් ඉටු කරන බවට ජනපතිවරයා ප්‍රකාශ කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ය.