ඔලී පොප්ගෙන් ශතකයක්

ඔලී පොප්ගෙන් ශතකයක්: පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට

by Staff writer 07-09-2024 | 8:57 AM

COLOMBO (News 1st) –

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් අද(07) පැවැත්වෙයි.

ලන්ඩන්හි කෙනිංටන්  ඕවල් ක්‍රීඩාංගනයේදී පළමු දිනට ඊයේ තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන සත්කාරක එංගලන්තය කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණූ සංඛ්‍යාව 221කි.

බෙන් ඩකට් ලකුණු  86යි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටින නායක ඔලී පෝප් නොදැවී ලකුණූ 103ක් රැස් කර ගෙන සිටී.

මේ අතර ශ්‍රී ලංකාවේ නෙත්මි අහිංසා, 2024 ලෝක ශූරතා කනිෂ්ඨ මල්ලවපොර තරගාවලියේ කිලෝ ග්‍රෑම් 53 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය .

ඒ, ස්වාධීන ක්‍රීඩිකාවක් ලෙස ක්‍රීඩා කරන රුසියාවේ වැලරියා මිකිට්සිච් පරාජය කරමින් ය.

ශූරතාවලිය ස්පාඤ්ඤයේදී පැවැත්වෙයි.