ජේ ශාහ් , ICC සභාපති පුටුවට

ජේ ශාහ් , ICC සභාපති පුටුවට

by Staff writer 27-08-2024 | 9:49 PM

COLOMBO (News 1st) - ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ලේකම් ජේ ශාහ් මහතා, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ  (ICC) සභාපති තනතුරට නිතරගයෙන් තේරී පත් වී තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මේ වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ඔහු එම තනතුරේ කටයුතු කරන බවයි.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ වත්මන් සභාපති ග්‍රෙග් බාර්ක්ලේ තුන්වන වරට එම තනතුරට තරග කිරීමට අපේක්ෂා නොකරන බවට අගෝස්තු 20 වන දින නිවේදනය කළේ ය.