විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්..

ශිෂ්‍යත්වයට බාධා වන ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමෙන් වළකින්න - විභාග දෙපාර්තමේන්තුව අපේක්ෂකයින්ගෙන් ඉල්ලයි..

by Staff writer 14-09-2024 | 7:42 AM

COLOMBO (News 1st) - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට බාධා වන අයුරින් හෙට දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව හෙට පෙරවරුවේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර ප්‍රචාරක කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙසයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට පැවැත්වෙයි.  

ඒ , විභාග මධ්‍යස්ථාන 2,849 දී ය.

මෙවර විභාගයට දරුවන් තුන් ලක්ෂ විසිතුන් දහස් 879 ක් පෙනී සිටී.