ජෝ රූට්ගෙන් විශිෂ්ට ශතකයක්..

ජෝ රූට්ගේ සුපිරි ශතකයෙන් වර්ණවත් වූ ශ්‍රී ලංකා - එංගලන්ත දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය..

by Staff writer 30-08-2024 | 7:48 AM

 COLOMBO (News1st) -සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) දෙවැනි දිනටත් ලෝඩ්ස්හිදී පැවැත්වෙයි.

තරගයේ කාසියේ වාසිය  හිමි කරගත් ශ්‍රී ලංකාව තීරණය කළේ, පළමුවෙන් පන්දු රැකීමටයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදෙන එංගලන්තය තරගයේ පළමු දිනය නිමා වනවිට කඩුළු 7ක් දැවී ලකුණු 358ක් රැස් කරගෙන සිටියේ ය.

ටෙස්ට් ක්‍රිකට් පිටියේ 33වැනි ශතකය රැස් කරමින් ජෝ රූට් ලකුණු 143කි.

ගස් ඇට්කින්සන් නොදැවී ලකුණු 74ක් රැස් කරගෙන සිටියේ ය.