අභාවප්‍රාප්ත ජනපති අපේක්ෂක ඉල්ලියාස්ගේ ඡන්ද ?

අභාවප්‍රාප්ත ජනපති අපේක්ෂක ඉල්ලියාස් වෙනුවෙන් සලකුණු කරන ඡන්ද ප්‍රතික්ෂේපයි..

by Staff writer 17-09-2024 | 10:56 PM

COLOMBO ( News1st) - අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පැවසුවේ, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතා මියයාමෙන් පසු ඔහු වෙනුවෙන් වෙනත් අපේක්ෂකයෙකු නම් කරන ලෙසට අදාළ අපේක්ෂකයා යෝජනා කළ තැනැත්තාට දැනුම් දුන් බවයි.

කෙසේ වෙතත් එම දැනුම් දීමට ඔහු ප්‍රතිචාර දක්වා නොමැත .

ඒ අනුව, අයිඩෘස් මොහමදු ඉල්යාස් මහතාගේ නම ඡන්ද විමසීමට අදාළ ලේඛණ වලින් මෙන්ම ඡන්ද පත්‍රිකාවෙන් ද ඉවත් කරනු ලැබු බව සලකන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.