බෝවතැන්න ජලාශ‌යේ ජලය අඩු කිරීම ඇරඹේ..

බෝවතැන්න ජලාශ‌යේ ජලය අඩු කිරීම ඇරඹේ..

by Staff writer 28-09-2024 | 6:14 PM

COLOMBO - (News1st) - නඩත්තු කටයුත්තක් සඳහා බෝවතැන්න ජලාශයේ ජලය අඩු කිරිම අද(28) ආරම්භ කළ අතර එම ජලය අඹන් ගඟට මුදා හැරෙනු ඇති.

ඒ හේතුවෙන්, අඹන් ගඟ භාවිතයේදි විමසිලිමත්වන්නැයි , බෝවතැන්න ජලාශයේ කාර්යභාර ඉංජිනේරු බුද්ධික නවරත්න මහතා ජනතාවට දැනුම් දෙයි.

මේ අතර අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ ජලය හිස් කිරිම තවදුරටත් සිදු කෙරේ.

මේ හේතුවෙන් හෙට සවස (06) දක්වා පොල්ගොල්ල වේල්ල හරහා මාර්ගය ද සම්පුර්ණව වසා තැබෙනු ඇත.

පොල්ගොල්ල ජලාශයේ ජලය මහවැලි ගඟට මුදා හැරෙන අතර මහවැලි ගඟ භාවිතයේදි විමසිලිමත්වන්නැයි ජනතාවට දැනුම් දී ඇත.

මේ හේතුවෙන් අද(28) අළුයම 01.00 සිට සඳුදා පස්වරු 06.00 දක්වා  පැය 65 ක් මහනුවර නගර සභා බල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයක ජල සැපයුම තාවකාලිකව අත්හිටවු බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය සදහන් කළේ ය