ප්‍රභූ ආරක්ෂාව ගැන සාකච්ඡාවක් ලබන සඳුදා

ළඳා මාළිගාවට, ශ්‍රී මහා බෝධියට යොදවා ඇති ආරක්ෂාවේ කිසිදු වෙනසක් නෑ, ප්‍රභූ ආරක්ෂාව ගැන ලබන සඳුදා සාකච්ඡාවක් - වැඩබලන පොලිස්පති

by Staff writer 28-09-2024 | 5:57 PM

COLOMBO (News1st) -  හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා පැවැත්වේ.

වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වෙන බවයි.

එහිදී දැනට ආරක්ෂාවදී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ සමාලෝචනයක් කිරිමට නියමිත බව ද ඔහු සදහන් කළේය.

ඉන් පසුව ඔවුන්ට දැනට ලබා දී ඇති ආරක්ෂාව අඩු කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිනීමට නියමිතයි.කෙසේවෙතත් දළඳා මාළිගාව, ශ්‍රී මහා බෝධිය වැනි ස්ථානවලට දැනට යොදවා ඇති ආරක්ෂාවේ අඩු කිරීමක් නොකරන බව වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ද මේ වන ඉවත් කර ඇත.