ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීම්...

ඉරානය ඊශ්‍රායලයට වේදනාකාරී ප්‍රහාරයක් ගැන අනතුරු අඟවයි...

by Hashini De Mel 17-10-2024 | 6:28 PM

COLOMBO ( News 1st ) - ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහොත් ඊශ්‍රායලයට එල්ල කරන ප්‍රහාරය වේදනාකාරී වනු ඇතැයි ඉරානය අනතුරු අඟවයි..

ඒ , මැද පෙරදිග ගැටුම් තවත් උග්‍ර වෙමින් පවතින පසුබිමකයි.

ඉරානය පසුගිය ඔක්තෝබර් 01 වැනිදා  ඊශ්‍රායලයට බැලස්ටික් මිසයිල 200 කට ආසන්න සංඛ්‍යාවක් එල්ල කළේ ය.

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, ඉරානය විශාල වැරැද්දක් සිදු කර ඇති බැවින් ඒ සදහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

මේ අතර ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊජිප්තුවේ සංචාරයක නිරත වේ.