ලෙබනනයේ නගර සභාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ලෙබනනයේ නගර සභාවකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර: නගරාධිපති ඇතුළු 16ක් මරුට

by Staff writer 17-10-2024 | 7:51 AM

COLOMBO (News 1st) - ලෙබනනයේ නබාති නුවරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

ඉන්, තුවාල ලැබූ සංඛ්‍යාව 52 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නබාති නගර සභා ගොඩනැගිල්ල ද ඉන් විනාශ වී ඇති බවයි.

මියගිය පුද්ගලයින් අතරට නගරාධිපතිවරයා ද ඇතුළත් වේ.

ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන්වූවන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් අදාළ නගර සභා ගොඩනැගිල්ලේ සාකච්ඡාවක් පැවති අතරතුර ප්‍රහාරය එල්ල වී ඇතැයි ලෙබනන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

කෙසේ වෙතත් නබාති නුවර හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව, ඊශ්‍රායලය පවසයි.