වන් ඩිරෙක්ෂන්හි ලියම් පේන් අනතුරකින් මරුට

වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක් වන ලියම් පේන් මරුට

by Staff writer 17-10-2024 | 12:56 PM

COLOMBO ( News 1st ) - වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජිකයෙක්වන ලියම් පේන් මියගොස් තිබේ.

ඒ , ආර්ජන්ටිනාවේ හෝටලයක තුන්වැනි මහලෙන් පහළට ඇද වැටී සිදු වූ අනතුරකින් ය.

ඔහුගේ සිරුරේ දැඩි තුවාල ද තිබූ බව එරට ආරක්ෂක අංශ පවසයි.

One Direction සංගීත කණ්ඩායමට 2010 වසරේ සිට ලෝකප්‍රකට සංගීත කණ්ඩායම් අතරට එක්වීමට හැකිවුණි.

ලියම් පේන් මියයනවිට ඔහුට වයස අවුරුදු 31කි.

වසර ගණනාවක් ජනතා හදවත් තුළ ලැගුම් ගත් ඔහු නික්ම ගියේ අපූරු නිර්මාණ රැසක මතක ඉතුරු කරමිනි.