පළාත් කිහිපයක ඌරන් අතර වෛරස් රෝගයක්...

පළාත් කිහිපයක ඌරන් අතර වෛරස් රෝගයක්: දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනයත් අත්හිටුවයි..

by Staff writer 18-10-2024 | 7:30 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික් අතර ඌරන් ප්‍රවාහනය අද(18) සිට අත්හිටුවා තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ, ඌරන් අතර ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන් මේ පියවර ගත් බවයි.

බස්නාහිර වයඹ ඇතුළු පළාත් කිහියක එම වෛරස් රෝගය ව්‍යාප්ත වන බව ඇය ප්‍රකාශ කළා ය.

රෝග ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත්කරණය ආරම්භ කර ඇති බව ද ඇය කියා සිටියා ය.

හේමාලි කොතලාවල මහත්මිය ප්‍රකාශ කළේ, රෝගය වැළඳී මියගිය ඌරන්ගේ මස් අනුභව කිරීම අනුමත නොකරන බවයි.