අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, වන අලි ගැටීමෙන් දුම්රියේ එන්ජිම හා ඉන්ධන ප්රවාහන ගැල් හතරක් පීලි පැන ඇති බවයි.
අනතුරෙන් වන අලි දෙදෙනෙකු ද මියගොස් තිබේ.
දුම්රිය පාලක මැදිරිය පැවසුවේ, දුම්රියේ ගැටුණු තවත් වන අලි පිරිසක් පලාගොස් ඇති බවයි.
අද අලුයම 3.30 ට පමණ කොළොන්නාවේ සිට මඩකලපුව බලා ගමන් ඇරඹූ එම ඉන්ධන ප්රවාහන දුම්රිය ගල්ඔය සහ හිඟුරක්ගොඩ අතර මින්නේරිය 146 වන සැතපුම් කණුව අසළදී මෙම අනතුරට ලක්ව තිබේ.
ඒ හේතුවෙන් මඩකලපුවේ සිට පැමිණි මීනගයා ශීඝ්රගාමී දුම්රිය පොළොන්නරුවේ නතර කිරීමට සිදුව තිබේ.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, අද උදෑසන කොළඹ , කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිත අංක 6011 දරන දුම්රිය අවලංගු කර ඇති බවයි.
මේ අතර මඩකලපුවේ සිට අද උදෑසන 6.10 ට කොළඹ, කොටුව දක්වා ධාවනය විමට දුම්රිය ද අවලංගු කර තිබේ.