කොදෙව්වන්ට එරෙහි සටනේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

කොදෙව්වන්ට එරෙහි සටනේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ...

by Staff writer 18-10-2024 | 2:25 PM

COLOMBO (News1st) - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 
16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇත.

තරග 3කින් සමන්විත මෙම තරගාවලිය ඔක්තෝබර් 20 වනදා සිට ආරම්භ වන අතර 23 වනදා සහ 26 වනදා ඉතිරි තරග දෙක පැවැත්විමට නියමිතයි.

තරග පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,

චරිත් අසලංක (නායක) 
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කමිදු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
සදීර සමරවික්‍රම
නිෂාන් මදුෂ්ක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
දිල්ශාන් මදුෂංක
මොහොමඩ් ශිරාස්