දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළට..

දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළට..

by Hashini De Mel 28-10-2024 | 5:33 PM

COLOMBO ( News 1st ) - පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි අගනුවර වායු ගුණාත්මකභාවය පහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාලගුණික බලපෑම්, ආගමික උත්සවවලදී රතිඤ්ඤා භාවිතය, වගා අවශේෂ ගිනි තැබීම් ඊට හේතු වී ඇති බවයි.

දිල්ලි අගනුවර පවතින වායු ගුණාත්මක දර්ශක අගය 400 සහ 500 සීමාව අතර හෙවත් ඉතා දුර්වල මට්ටමක පවතින බවත් විදෙස් වාර්තාවල සඳහන්.

එරට කාලගුණ අංශ අනතුරු අඟවන්නේ මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වනු ඇති බවයි.