මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත්...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය තවදුරටත්...

by Hashini De Mel 28-10-2024 | 5:29 PM

COLOMBO ( News 1st ) - මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදය අද(28) පස්වරුව දක්වා පැවතිය හැකි බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොලගේ මහතා සඳහන් කළේ, වැල්ලවත්ත සහ කොළඹ කොටුව අතර තනි මාර්ගයේ පමණක් දුම්රිය ධාවනය වන බවයි.

ඒ, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය පීලිපැනීම හේතුවෙන්.

මේවන විට දුම්රිය පීලිගත කර අවසන් නමුත්, හානි වූ මාර්ගය පිළිසකර කිරීම සිදුවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළේ ය.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පානදුර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් එලෙස පීලී පැනීමකට ලක්වූ බවයි.