බස් අනතුරින් මිය ගිය සිසුවියන්ගේ අවසන් කටයුතු අද

දුන්හිඳ බස් අනතුරෙන් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද...

by Staff writer 03-11-2024 | 7:22 AM

COLOMBO (News 1st) - බදුල්ල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අඹගස්ඔය ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරින් මිය ගිය සිසුවියන් දෙදෙනාගේ අවසන් කටයුතු අද (03)  සිදු කිරීමට නියමිත වේ.

ඒ, කුරුණෑගල සහ නිවිතිගල පිහිටි ඔවුන්ගේ නිවෙස් වලදීයී.

අවසන් කටයුතු සිදු කෙරෙන්නේ, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහයෙනි.

මේ අතර බස් අනතුරින් තුවාල ලැබූ තවත් අයෙකු බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබේ.

ඒ අනුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සිසුන් සංඛ්‍යාව, 8 ක්.