නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන ආයතන 341 ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි.
මේ අතර, Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරිමට ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කෙරිණ.
ඒ, අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ය.
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා,ගුවන් හමුදාපතිවරයා,වැඩබලන පොලිස්පතිවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයින් ය.
මීට අමතරව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත් ය.
සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම කාර්ය සාධක බලකායට ආචාර්ය අනුරුද්ධ ගමගේ,ආචාර්ය ගාමිණි බටුවිටගේ මහතා ද ඇතුළත් ය.
සමාජයීය පාරසරික හා ආචාර ධර්මීය පිබිදීමක් මගින් සමාජය වඩා දියුණු මට්ටමකට ඔසවා තැබීම අරමුණු කර ගැනීමට සඳහා ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහන සැලසුම් කිරීම,මෙහෙයවීම,ක්‍රියාත්මක කිරීම,ප්‍රගති සාමාලෝචනය සහ නියමිත කාල රාමුවක අවසන් කිරීම මෙම කාර්ය සාධක බලකායට පැවරී තිබේ.