ඒ, බස් රථය අද (23) මෝටර් රථ පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදීයි.
බස් රථයේ රියැදුරු ආසනයේ ආසන පටිය නොමැති බවට පරික්ෂාවේදී අනාවරණ වී ඇත.
මෝටර් රථ පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ, රියැදුරු ආසනය ආසන්න පැති දොරේ අගුළු ද ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවයි.
මීට අමතරව, බස් රථයේ සුදු යකඩ ඇතුළු සවි කර ඇති ඇතැම් උපාංග ද, අනතුරින් මගීන් මියයාමට සහ තුවාල සිදුවීමට හේතුවන්නට ඇතැයි, මෝටර් රථ පරීක්ෂකවරුන් සැකපළ කර තිබේ.
බස් රථයේ පැවති එම දෝෂ පිළිබඳ පරීක්ෂකවරුන් විසින් පොලීසියට කරුණු වාර්තා කර ඇති අතර, අධිකරණයට ද ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට නියමිතයි.
හැටන්, මල්ලියප්පුවේ සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV දර්ශන මකා ඇති බවට ද, මේ වනවිට අනාවරණය වී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි.
පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙකු මිය ගියේ ය.
තුවාල ලැබූ සංඛ්‍යාව 46 කට අධිකයි.
සැකකාර රියැදුරු මීට පෙර ද මාරක රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බව පොලීසිය ප්‍රකාශ කළේ ය.