පොලීසිය සඳහන් කළේ, අද (23) පස්වරු 2 ට පමණ සිදුවූ එම වෙඩි තැබීමෙන් 30 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් උපයෝගී කරගෙන ඇතැයි, පොලිසිය ප්රකාශ කළේ ය.
සැකකරුවන් දෙදෙනෙකු යතුරු පැදියකින් පැමිණ වෙඩිතැබීම සිදුකර ඇතැයි, පොලිසිය සැකපල කරයි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්රියාත්මක වේ.