ව්‍යවස්ථා අධිකරණයේ පුරප්පාඩු 3ක් පිරවීමට අනුමැතිය ලබා නොදීම මෙම පියවර ගැනීමට හේතුවයි.
දකුණු කොරියාවේ ප්‍රධාන විපක්ෂය වන ඩිමොක්‍රොටික් පක්ෂයේ නායක කිම් චෑන්-ඩේ පැවසුවේ මේ වන විට වැඩබලන ජනපති ලෙස ක්‍රියා කරන වත්මන් අගමැති හැන් ඩක්-සූට එම ධුරයේ කටයුතු කිරීමට අයිතියක් නැති බවයි.
ඔහු, ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොමැති අයෙකු බවද විපක්ෂය පෙන්වා දී තිබේ.
මෙම දෝෂාාභියෝග යෝජනාව සම්බන්ධයෙන් හෙට එරට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡන්දය විමසීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය.
මේ අතර, දකුණූ කොරියානු ජනාධිපති යූන් සුක්-යෝල්ට ඓරහි පළමු දෝෂාභියෝග විභාගයද හෙට පැවැත්වීමට නියමිත බව සඳහන් ය
ජනාධිපති යූන් සුක් යෝල් යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු දකුණු කොරියාවේ උත්සන්න වූ මහජන විරෝධතා ජාත්‍යන්තර අවදානයට ලක් විය.
යුන් සුක් යෝල් මේ මස මුලදී යුද නීතිය ප්‍රකාශයට පත් කළේ, නීති සම්පාදනය කිරීමට සහ බලාත්මක කිරීමට හමුදාපතිවරයාට අසීමිත බලයක් ලබා දෙමින් ය.