මෙය අපේ අසල්වැසි ඉන්දියාවට පවා බලපාන තීරණයකි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ලොව විශාලතම ජල විදුලි බලාගාරය වන ත්‍රි ගෝජස් වේල්ලට වඩා තුන් ගුණයක විදුලි ධාරිතාවක් ඒ මගින් උත්පාදනය කළ හැකි බවයි.
මෙම ව්‍යාපෘතිය පාරිසරික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ආරක්ෂිත ව්‍යාපෘතියක් ලෙස හඳුන්වන අතර එමගින් දේශිය ආර්ථිකය හා සංවර්ධනයට උපකාරි වන බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
නමුත් මානව හිමිකම් කණ්ඩායම් සහ ඇතැම් විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ටිබෙට් ජාතික ජනතාව අවතැන්වීමට ඉඩ ඇති බවය.
එමෙන්ම ඉන්දියාව සහ බංගලාදේශයේන් පහළ කලාපවලට සිදුවන පාරිසරික බලපෑම් පිළිබඳ ඔවුන් කනස්සල්ල පළ කර තිබේ.
ටිබෙටයේ දිගම ගංගාව වන Yarlung Tsangpo (යාලුං සැන්ග්පෝ)හි ගලායාම වෙනතකට යොමු කරමින්, සිදුකරන මෙම දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අවම වශයෙන් කිලෝමීටර් 20ක් දිග උමං මාර්ග හතරක් කැණීමට සිදුවනු වනු ඇති බව වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් සහ ඇසෑම් ප්‍රාන්තවලට දකුණින් ගලා බසින දේශසීමා ගංගාවේ ගලායාම පාලනය කිරීමට හෝ හරවා යැවීමට මෙම වේල්ල හේතුවනු ඇතැයි විශේෂඥ මතයයි.
ඇතැම් විද්වතුන් මත පළ කර ඇත්තේ මෙම ගංගා පාලනය කිරීම මගින් චීනයට ඉන්දියාවේ ආර්ථිකයට බාධා එල්ල කිරීමට අවස්ථෘවක් ලබාදෙන බවයි.
මීට කලකට පෙර ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ “චීන වේලි ව්‍යාපෘතිවල අහිතකර බලපෑම අවම කිරීම සඳහා” විශාල ජල විදුලි වේල්ලක් සහ ජලාශයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය ගවේෂණය කරමින් සිටින බවයි.
යෝජිත (යාලුං සැන්ග්පෝ) වේල්ල පිළිබඳ ඉන්දියාවේ කනස්සල්ලට චීනයේ විදේශ අමාත්‍යාංශය මීට පෙර ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ, චීනයට මෙම ගංගාවල වේලි කිරීමට “නීත්‍යානුකූල අයිතියක්” ඇති බවත්, ඉන් පහළ ප්‍රෙද්ශවලට ඇති කරන බලපෑම් තමන් විසින් සලකා බලා ඇති බවයි.
පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයක් ලෙස ගඟේ බලය ප්‍රයෝජනයට ගැනීමේ උත්සාහයක් ලෙස චීනය පසුගිය දශකය පුරා (යාලුං සැන්ග්පෝ) ගඟ ඔස්සේ ජල විදුලි බලාගාර කිහිපයක් ඉදිකර තිබේ.
භූමියේ ඇති අතිශය දුෂ්කරතා මෙන්ම ඉංජිනේරුමය අභීයෝග ද නොසලකමින් චීනය මේ ව්‍යාපෘතියට දිරිමත්වීමට ප්‍රධාන හේතුවකි.
එනම් මෙම ව්‍යපෘති සඳහා පෘථිවියේ ගැඹුරුම මිටියාවත වන මෙම නිම්නය හරහා ගලා යන ගංගාවේ එක් කොටසක් කිලෝමීටර් 50ක් වැනි කෙටි කාලයක් තුළ මීටර් 2000ක් පහළට ඇදී යාමයි.
එමගින් උත්පාදනය වන වේගය ජල විදුලිය නිපදවීමට විශාල විභවයක් සහිත වීම වාසියකි.
පාලනය කළ නොහැකි භූමිකම්පාවෙන් මෙන්ම ඇතිවන නායයෑම් සහ මඩ-ගල් ගලායාම් මේ ඉදිකිරීම් නිසා ඇතිවිය හැකි බවට විද්වතුන් අනතුරු අඟවයි.