මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා CIDයට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගෙන් CIDය ප්‍රශ්න කරයි

by Staff writer 28-12-2024 | 11:41 AM

COLOMBO (News 1st) –හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට(CID) ඊයේ පැය කිහිපයක ප්‍රකාශ  ලබා දී තිබේ.

ඒ , අයථා වත්කම් උපයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මීට පෙර අවස්ථා දෙකකදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින්නැයි, මේජර් නෙවිල් වන්නිආරච්චිට දැනුම් දී තිබුණත් ඔහු එහි පැමිණියේ  නැත.