පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින සටනේ ජය ශ්‍රී ලංකාවට

by Staff writer 09-02-2024 | 10:40 PM

COLOMBO (News 1st) - ඇෆ්ගනිස්ථානයට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 42ක ජයක් හිමිවිය. 

පල්ලේකැලේදී පැවති තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිතිකරුවෙකු එක්දින ඉනිමකදී රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව සඳහා වසර 24කට පෙර සනත් ජයසූරිය පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට පැතුම් නිස්සංක අද (09) සමත් විය.

නොදැවී ලකුණු 210ක් රැස් කළ පැතුම් නිස්සංක අද වාර්තා අතරට එක් වූයේ එක් දින ද්විත්ව ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසිනි.

ඒ අනුව, සනත් ජයසූරිය ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් රැස් කරමින් එක්දින ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ශ්‍රී ලංකා පිතිකරු ලෙස 2000 වසරේදී පිහිටුවා තිබූ වාර්තාව අද බිඳ වැටුණි. 

ලකුණු 382ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථානයට නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 339ක් පමණි.