COLOMBO ( News 1st )- උතුරුමැද පළාතේ 6 සහ 7 ශ්‍රේණි භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ උත්තර පත්‍රය විභාගයට පෙර සමාජ මාධ්‍යට මුදා හැරි බව ගුරුවරියක පිළිගෙන තිබේ.
ඒ, ඊට අදාළව සිදු කළ විමර්ශනයකදියි.
උතුරුමැද පළාතේ 6 සහ 7 ශ්‍රේණි භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍රය පිටවීම සම්බන්ධයෙන් විමර්ශනයක් පසුගිය දා ආරම්භ කෙරිණි.
අදාළ ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 10 වැනිදායි.
උතුරු මැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, විමර්ශනයේ දී ගුරුවරියක අදාළ පිළිතුරු පත්‍රය සමාජ මාධ්‍යට මුදා හැරි බව පිළිගත් බවයි.
විමර්ශන වාර්තාව මත පදනම්ව ඇයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පැවසීය.
මේ අතර උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙන තුරු අවලංගු කිරිමට මේ වනවිට කටයුතු කර තිබේ.
උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා පැවසුවේ, අද(07) සහ හෙට(08) පැවැත්වීමට නියමිත 11 ශ්‍රේණි වාර පරීක්ෂණය එලෙස අත්හිට වූ බවයි.
ඒ වාර විභාගයේ සිංහල සාහිත්‍ය, විද්‍යාව සහ ඉංග්‍රීසි යන ප්‍රශ්න පත්‍ර පිටවූ බවට තොරතුරු ලැබීම හේතුවෙනි.
තාවකාලිකව අත්හිටවු උතුරුමැද පළාතේ 11 වන ශ්‍රේණියේ පිට වු බව කියන විෂයන්වලට අදාළ වාර පරික්ශණ දින 10 ක් ඇතුළත් පවත්වන බව උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අමාතයාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ, පිටවූ බව කියන ප්‍රශ්න පත්‍ර යළි සකස් කරන බවයි.
මේ අතර ප්‍රශ්න පත්‍ර පිටවිමේ සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාර දී තිබේ.
ඒ අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතයි.
ප්‍රශ්ණ පත්‍ර පිටිවී ඇති බවට ඊයේ(06) අනුරාධපුර පොලීසියට පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් අවස්ථා දෙකකදී පැමිණිලි කර තිබුණි.
උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම සදහා විමර්ෂණ කණ්ඩායමක් පත් කරන බවයි.