ජනපතිගේ චීන සංචාරය ලබන 14 වැනිදා

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන සංචාරය ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා. - කැබිනට් ප්‍රකාශක

by Staff writer 07-01-2025 | 4:09 PM

COLOMBO (News 1st) - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වැනිදා සිය චීන සංචාරය ආරම්භ කරන බව, කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සංචාරයට විදේශ අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක යන අමාත්‍යවරුන්ද එක්වීමට නියමිත බවයි.