ඒ, අද පස්වරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.
2011 වසරේ ජාත්‍යන්තර සමුපකාර දිනය සැමරිම සදහා සමූපකාර අරමුදලෙන් රුපියල් මිලියන 183 ක මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන වලට අදාළව අද දහවල් පිළියන්දලදී ඔහු අත්අඩංගුවට ගැනිණි.
එම මුදල් ලබාගෙන ඇත්තේ, කුරුණෑගල පැවැති ඉසුරුසවිය නැමැති සමුපකාර දින සැමරුම් උළෙල වෙනුවෙනි.
ඊට අදාළ විමර්ශනවල උදෘත, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අනතුරුව, නීතිපති දෙපාර්තමේන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ, සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත මායාදුන්නේ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ චෝදනා ගොනුකිරීමට ප්‍රමාණවත් කරුණු අනාවරණය වීම හේතුවෙනි.