නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීම හේතුවෙන් ඊයේ(29) දිනය තුළ බොහෝ නාගරික ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය පහළ මට්ටමක පැවති තිබේ.
නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ අද(30) වනවිට දිවයිනේ සියලු ප්‍රදේශවල වායු ගුණාත්මක තත්ත්වය යහපත් තත්ත්වයකට පත්ව ඇති බවයි.
නමුත් යාපනය, කොළඹ, ගාල්ල, ත්‍රීකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව හා අනුරාධපුර යන නගරවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහල යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.