වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය ඉහළට

වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය පසුගිය මාසයේදී ඉහළට

by Chathurika Jayasundara 30-01-2025 | 9:08 AM

COLOMBO (News1st) - වෙළෙඳ භාණ්ඩ සහ සේවා අපනයනය පසුගිය මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ 2023 වසරේ දෙසැම්බර් මාසයට සාපෙක්ෂවයි.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය උපුටා දක්වමින් මහ බැංකුව පැවසුවේ පසුගිය මාසයේ සමස්ත අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1365යි සත 42ක් බවයි.

එය 2023 එම කාලසීමාවට සාපෙක්ෂව සියයට 9.21ක වැඩිවීමකී.