එහි අධ්යක්ෂ ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා සඳහන් කළේ, අනුමත නොකළ ජංගම දුරකථන හඳුනාගෙන ඒවා අවහිර කිරීම සඳහා නව මෘදුකාංගයක් ක්රියාත්මක කරන බවයි.
පසුගිය 28 වැනිදා දක්වා මෙරට පැවති සියලු ජංගම දුරකථන තම කොමිෂන් සභාව විසින් තහවුරු කළ බවත් ගැටලුව ඇති වන්නේ ඉන් පසුව නිසි ක්රමවේදයකින් තොරව මෙරටට රැගෙන එන දුරකථන සඳහා බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එම කොමිසම සඳහන් කළේ කෙසේවෙතත් අදාළ අවහිර කිරීම් කඩිනමින් සිදු නොකරන බවයි.
කොමිෂන් සභාවේ අනුමැතිය නොමැති ජංගම දුරකථන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මාස කිහිපයක කාලයක් වෙන් කරන බවත් බන්දුල හේරත් මහතා සඳහන් කළේ ය.
අනවසර ජංගම දුරකථන හේතුවෙන් අප සමාජය තුළ සිදුවී ඇති නීතිවිරෝධී ක්රියා අවම කිරීම සහ මෙරට ජංගම දුරකථන භාවිත කරන ජනතාව ආරක්ෂා කිරීම මෙහි අරමුණ වී තිබේ.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලද දුරකථන සඳහා EMI අංකයක් පැවතිය යුතුයි.