මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් Whatsapp අංකයක්

මහජන පැමිණිලි ඉදිරිපත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් Whatsapp අංකයක්

by Staff writer 30-01-2025 | 8:57 AM

COLOMBO (News1st) - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සේවා ලාභීන්ගේ ලිඛිත පැමිණිලි පමණක් කඩිනමින් ලබා ගැනීමට whatsapp අංකයක් ද හඳුන්වා දී තිබේ.

071 40 33 300 එම whatsapp අංකයයි.

එමගින් ලැබෙන සේවා ලාභීන්ගේ පැමිණිලි උදෙසා කඩිනමින් අවශ්‍ය පියවර ගැනීමට විධිවිධාන රැසක් මේ වන විටත් සලසා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කළේ ය.

ඊට අමතරව  TELL DMT facebook පිටුව හරහා ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට සේවාලාභීන්ට අවස්ථාව සලසා දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට ඇති අභියාචනා හෝ පැමිණිලි ලිඛිතව මෙම Whatsapp අංකයට යොමු කිරීමට ඒ අනුව සේවාලාභීන්ට හැකියාව ලැබේ.