පිළිකා රෝගය ගැන සෞඛ්‍ය අංශවලින් නිවේදනයක්..

මෙරට දරුවන් 1000ක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ හෙළි කරයි..

by Staff writer 01-02-2025 | 7:16 AM

COLOMBO ( News 1st ) - 

මෙරට දරුවන් 1000කට අධික සංඛ්‍යාවක් වසරකට පිළිකා රෝගයට ගොදුරු වන බව සෞඛ්‍ය අංශ පවසයි.

මහරගම අපේක්ෂා රෝහලේ රුධිරගත පිළිකා රෝග පිළිබඳ විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ, ඒ අතරින් 30% ක් ලියුකේමියාවටද, 25% ක් මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත පිළිකා රෝගයටද ගොදුරුවී ඇති බවයි.

මෙරටින් වාර්ෂිකව පිළිකා රෝගීන් 40,000ක් පමණ වාර්තා වන අතර ඒ අතරින් 4,000ක් රුධිරගත පිළිකා රෝගීන් බව ඔහු ප්‍රකාශ කළේ ය.

පිළිකා වලින් තුනෙන් එකක්ම වළක්වා ගත හැකි බව විශේෂ වෛද්‍ය බුද්ධික සෝමවර්ධන මහතා සඳහන් කළේ ය.