විද්‍යා ඝාතනයේ පෙත්සම විභාගයට දින නියම වෙයි

විද්‍යා ඝාතනයේ මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවන්ගේ පෙත්සම විභාගයට දින නියම වෙයි

by Staff writer 06-02-2025 | 8:07 PM

COLOMBO (News 1st) - යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින විත්තිකරුවන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම්, ලබන අගෝස්තු 25 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේ ය.

ඒ, ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයී.

2015 වසරේ සිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස්, දූෂණය කර මරා දැමීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවන් හත් දෙනෙකුට, යාපනය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල මරණ දඬුවම නියම කළේය.

විත්තිකරුවන් අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ, අදාළ තීන්දුව නීතියට පටහැනිව දී ඇති බැවින්, එය අහෝසි කර, තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලමිනි.