විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉල්ලුම් කිරීමේ හැකියාව අද(06) දිනයේත් පවතින බවයි.
අදාළ ඉල්ලුම් කිරීම් සිදුකළ යුත්තේ, විදුහල්පතිවරයා මගින් පමණි.
2024 වසරට අදාළව පැවති 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කෙරුණි.
පසුගිය දා පැවති ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණින් ඉහළ ලකුණු ලබාගත් සිසුන් සංඛ්‍යාව 51,244 කි.