![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවිය.
පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණයට පැවසූවේ, පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.
එමෙන්ම පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.
ඒ අනුව එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීමට වගඋත්තරකරුවන්ට අවසර ලබා දෙමින් අවශ්‍යතාවයක් වේ නම් පෙත්සම්කාර පාර්ශ්වයට ද ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළේ ය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.
ඔහුගේ ආරක්‍ෂාව අඩු කිරීම හෝ වැඩි කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත යුත්තේ විධිමත් ආරක්ෂක ඇගයීමකින් පසුව බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයට අවධාරණය කර සිටියේ ය.
ඒ අනුව ඉදිරිපත් වූ එම කරුණු ද සලකා බැලූ විනිසුරු මඩුල්ල පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා මාර්තු මස 19 වැනි දා කැඳවන ලෙස දින නියම කර තිබේ.