![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
එය නම් කර ඇත්තේ, ඇල්ල ඔඩිසි - නානුඔය ලෙසයි.
එය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙයි.
නානුඔයෙන් උදෑසන 8.10 ට ගමන් ආරම්භ කරන දුම්රිය, බදුල්ලට ළඟා වන්නේ, පෙරවරු 11.36 ට පමණයි.
එම දුම්රිය සඳුදා දිනවල හැර සෙසු සියලු දිනවල බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.
පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්වන දුම්රිය, පස්වරු 5.17 ට නානුඔයට ළඟාවෙයි.
ඉදිරියේදී ඉල්ලුම පරිදි දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගන්නා බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.