කුරුණෑගලදී බස් රථ දෙකක් ගැටී 04 දෙනෙකු මරුට..

කුරුණෑගලදී බස් රථ දෙකක් ගැටී 04 දෙනෙකු මරුට..

by Staff writer 10-02-2025 | 6:43 AM

COLOMBO (News 1st) -කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථ දෙකක් ගැටීමෙන් 04 දෙනෙකු මිය ගොස් තිබේ.

කුරුණෑගල රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

මිය ගිය පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් තුන්දෙනෙකු සහ කාන්තාවක් වනවා.

තුවාල ලැබූ 04 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහලේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.  

මාදුරුඔය - කොළඹ සහ කඳුරුවෙල සිට කුරුණෑගල දක්වා ධාවනය කල බස් රථ දෙකක්  එලෙස ගැටී තිබේ.