පුංචි ඡන්දය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද..

පළාත් පාලන මැතිවරණ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අද පාර්ලිමේන්තුවට..

by Staff writer 14-02-2025 | 6:55 AM

COLOMBO (News 1st) –පළාත් පාලන මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ වෙනුවෙන් විශේෂ පාර්ලිමේන්තු සභාවාරයක් අද පැවැත්වෙන්නේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ය. 

ඉන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය ලබන සඳුදා පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.

එය පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු ඒ සම්බන්ධ නීතිමය බලය මැතිවරණ කොමිසමට හිමිවනු ඇති.