.webp)
COLOMBO (News 1st) - හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතාට අයත් අත්තගල්ලේ පිහිටි ඉඩමේ වළදමා තිබීයදී සොයා ගත් ගිනිඅවි හා පතරොම් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව පොලීසිය පවසයි.
එහි වළ දමා තිබියදී ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, උන්ඩ 130 ක් සහ බෝර 12 ගිනි අවියක් හා එම උන්ඩ 6ක් ඊයේ (11) සොයා ගැණුනි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා ඊයේ අත්අඩංගුවට ගැණුනි.
මීට අමතරව ඉඩමේ සේවය කළ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ද අදාළ සිදුවීම පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.
ලද තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකින් සැකකරුට අයත් අත්තනගල්ලේ පිහිටි අක්කර 25ක පොල් ඉඩමක තිබී එම ගිනිඅවි සහ උණ්ඩ සොයා ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, තවත් ටි 56 ගිනිඅවි හතරක් හා ජීව අත්බෝම්බ කිහිපයක් ද එම ඉඩමේ සඟවා ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
එම ගිනිඅවි සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
වර්ෂාව හේතුවෙන් ඊයේ (11) රාත්‍රී මෙහෙයුම් තාවකාලිකව නතර කෙරුණු අතර ඉඩමට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයෝගය ද ලබා ගත් බව පොලීසිය පැවසීය.