![sample image](https://cdn.newsfirst.lk/assets/NEWS-LOGO-Recovered%20(1).webp)
COLOMBO (News 1st) –
ඇල්ල - වැල්ලවාය මාර්ගයට ගල් පෙරලීමේ අවදානමක් මතුව ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.ඒ , රාවණා ඇල්ල රක්ෂිතයේ හටගත් ගින්න සමඟ කඳු මුදුනේ ඇති ගල් අස්ථාවර වීම හේතුවෙන් ය.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්යක්ෂ EML උදය කුමාර මහතා සඳහන් කළේ, දින දෙකක් පුරා පැවති ගින්න දැඩි පරිශ්‍රමයකින් පසු අද උදෑසන මැඩපැවැත්වූ බවයි.
ත්‍රිවිධ හමුදාව , වනජීවි සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල සහයෝගයෙන් ගින්න මැඩ පවත්වා තිබේ.
ගින්නෙන් රාවණා ඇල්ල රක්ෂිතය භූමියට දැඩි හානි සිදුව ඇතැයි ද EML උදය කුමාර මහතා ප්‍රකාශ කළේ ය.
රාවණා ඇල්ල රක්ෂිතයට යම් කිසි පුද්ගලයෙකු ගිනි තබන්නට ඇතැයි සැක පල කරයි.