පරිසර ගැටලු දැනුම් දෙන්න නව WhatsApp අංකයක්..

පරිසර ගැටලු දැනුම් දෙන්න නව WhatsApp අංකයක්..

by Staff writer 15-02-2025 | 9:05 AM

COLOMBO (News 1st) –

පාරිසරික ගැටලු සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට නව WhatsApp අංකයක් හඳුන්වාදී තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ, පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් අංකය හඳුන්වා දුන් බවයි.

ඒ අනුව, 076 6412029 යන වට්සප් අංකයට කෙටි පණිවුඩ ලෙස පරිසර ප්‍රශ්න යොමු කළ හැකියි.

එම ප්‍රශ්න පරිසර අමාත්‍යාංශය විසින් අදාළ ආයතන වෙත යොමු කර කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කරනු ඇති.

සඳුදා දින සිට සිකුරාදා දක්වා පෙරවරු 7.00 සිට රාත්‍රි7.00 දක්වා  එම WhatsApp අංකයට ගැටලු ඉදිරිපත් කළ හැකියි.